භාවිතය සඳහා උපදෙස් - ජන්ද හිමි ලියාපදිංචි විස්තර - කෙටුම්පත
01) සකස්කරමින් පවතින ඡන්ද හිමි නාමලේඛනයේ ඔබ ලියා පදිංචි කිරීමට නියමිත ස්ථානයට අදාල තොරතුරු මෙහිදී පරීක්ෂා කල හැකිය. ඔබගේ පරිශීලක නාමය හා මුරපදය භාවිතයෙන් ගිණුමට පිවිසී සම්පූර්ණ විස්තරයම ලබා ගත හැකිය. ගිණුමක් සාදාගෙන නොමැති නම් ගිණුම සැකසීම මගින් පිවිසී ගිණුමක් සාදා ගන්න.

02) ශ්‍රී.ල.හැ.අ. / ජා.හැ.අ. : යටතේ ඔබගේ හැඳුනුම් පත් අංකය නිවැරදිව ඇතුලත් කරන්න.

03) පරිපාලන දිස්ත්‍රික්කය : මෙහි පෙරනිමියෙන් තේරී ඇති “සියළුම” යන්න එලෙසම තබන්න. එසේ තොරතුරු සොයා ගැනීමට අපහසු වේ නම් ඔබ ලියාපදිංචි වූ පරිපාලන දිස්ත්‍රික්කය තෝරා යලි උත්සාහ කරන්න.

04) “Im Not A Reboot” ඉදිරියේ ඇති කොටු සලකුන මත ඔබා එය සත්‍යාපනය කරන්න.

05) “පෙන්වන්න” යන බොත්තම ඔබා ඔබගේ ලියාපදිංචි කිරීමට නියමිත තොරතුරු ලබා ගන්න. ගිණුමට පිවිසී සිටී නම් පමණක් සම්පූර්ණ විස්තරයම දිස්වන අතර පිවිසී නොමැති විට මූලික තොරතුරු පමණක් දිස්වේ.

06) එහි වර්ෂය යටතේ ඔබගේ නම ලියා පදිංචි කිරීමට නියමිත ඡන්දහිමි නාමලේඛනයට අදාල වර්ෂය දැක්වේ. ඔබ ලියා පදිංචි වීමට නියමිතව ඇත්තේ පරිපූරක ලැයිස්තුවක නම් අදාල පරිපූරක ලැයිස්තු අංකය වර්ෂය ඉදිරියේ වරහන් තුල දක්වා ඇත. පරිපූරක ලැයිස්තුව අදාල වන්නේ පළමු වරට ලියාපදිංචිය සඳහා අයදුම් කරන අයට පමණි.

07) මෙහි ඔබගේ තොරතුරු වලට ඉහලින් ◄1/1► ලෙස දිස්විය යුතුය. ◄1/2► , ◄1/3► ආදී වශයෙන් කිහිපයක් දිස්වන්නේ නම් ඒවායේ ඔබ පදිංචි ස්ථානයට අදාල විස්තර ඒවායේ තිබේ දැයි බලන්න. ඔබගේ නම ලියාපදිංචි කරන්නේ එක් ස්ථානයක පමණක් බැවින් ඔබ පදිංචි නොමැති ස්ථාන හෝ ඔබට අදාල නොවන විස්තර තිබේ නම් ඒ බව කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන්න.

08) යලි තවත් තොරතුරක් ලබා ගැනීමට අවශ්‍ය නම් “හිස් කරන්න” යන බොත්තම ඔබා ඉහත පරිදි යලි කටයුතු කරන්න.

09) කෙටුම්පතෙහි ඔබ පදිංචි ස්ථානයට අදාලව ලියාපදංචි තොරතුරු නොමැති නම් හිමිකම් අයදුම් කරන්න මගින් පිවිසී ඔබ පදිංචි ස්ථානයට නම ඇතුලත් කරවා ගැනීම සඳහා අභියාචනා කරන්න.

10) කෙටුම්පතෙහි ඔබගේ නම, හැඳුනුම්පත් අංකය, ස්ත්‍රී පුරුෂ භාවය ආදී තොරතුරු වල දෝෂයක් පවතී නම් දෝෂ නිවැරදි කරන්න මගින් පිවිසී ඔබේ තොරතුරු වල දෝෂ නිවැරදි කරවා ගැනීම සඳහා අයදුම් කරන්න.

11) කෙටුම්පත් “අ” සහ “ආ” ලැයිස්තු ඇසුරෙන් සකස් කරනු ලැබූ නාම ලේඛනයේ සඳහන් තැනැත්තන්ගේ නම් ඉදිරි හිමිකම්පෑම්, විරෝධතා, ලිපි දෝෂ නිවැරදි කිරීම්, බහු ලියාපදිංචිය අනාවරණය වීම් මත සංශෝධනය විය හැකිය.

12) මේ පිළිබඳව හෝ ඡන්දහිමියකු ලෙස ලියාපදිංචිය පිළිබඳව ඇතිවන ඕනෑම ගැටළුවක් විමසීම් මගින් ඉදිරිපත් කල හැකිය.